.

පේරාදෙණි සිසුවෙක් ඩ්‍රෝනයකින් ලොකු වැඩක් කරයි

පේරාදෙණි විශ්ව විද්‍යාල ඉංඡිනේරු සිසුවෙකු වන රනුක මදුසංඛ සිසුවා මාර්ග වල රථවාහන හැසිරවීමට හැකි ඩ්‍රෝන යානාවක් නිපදවා තිබේ.
වාහන තදබදය බහුල මාර්ග වලට ඉහළින් මෙම ඩ්‍රෝන යානාව ගුවන්ගත කර ලැබෙන දත්ත අනුව මාර්ග වල තදබදය විසදෙන අයුරින් සංඥා ක්‍රියාත්මක කළ හැකි බව ඔහු පවසයි.ඒ අනුව නිතර යාවත්කාලීන වන මාර්ග තොරතුරු අනුව නිසිලෙස රථවාහන හැසිරවීමට හැකි බව කියයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාල‍ය මගින් සංවිධානය කරන නිෂ්පාදන ඉංඡිනේරු හා කාර්මික ඉංඡිනේරු සම්මේලනය පිලිබද හා ඉංඡිනේරු පීඨ සිසුන්ගේ නව නිපැයුම් පිලිබද මාධ්‍ය  දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවකදී ඔහු මෙම නිපැයුම ඉදිරිපත් කළේය. එම සම්මේලනය මේ මස 22 වැනිදා සිට බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හෝටලයේ දි පැවැත්වෙයි.
මෙහිදී ඉංඡිනේරු සිසුන්ගේ නව නිෂ්පාදන එලිදැක්වීමට නියමිත බව ඡේෂ්ඨ කතිකාචාර්‍ය සංඡය සේනානායක මහතා පැවසිය.සිසුන් විසින් නිෂ්පාදිත එළවලු කපන නව යන්ත්‍රයක්ද,මිනිසුන්ගේ දායකත්වය නොමැතිව තේ කර්මාන්තයේදි තේ දලු වල අවශ්‍ය ඡල ප්‍රමාණයන් හදුනාගැනීමේ යන්ත්‍රයක්ද,ඉවතලන ඉඟුරු බඩ වලින් දැව අඟුරු නිෂ්පාදන යන්ත්‍රයක්ද,ඇඟලුම් ශාලා වල රෙදි වල ප්‍රමිතිය නිරික්ෂණය කරන උපකරණයක්ද හදුන්වා දිමට නියමිතය.
මෙම මාධ්‍ය හමුවට නිෂ්පාදන ඉංඡිනේරු අංශයේ ඡේෂ්ඨ කතිකාචාර්‍ය සංඡය සේනානායක, නිෂ්පාදන ඉංඡිනේරු දෙපාර්තුමේන්තුවේ ඡේෂ්ඨ කතිකාචාර්‍ය සංඡීව විතාරන, නිෂ්පාදන ඉංඡිනේරු අංශයේ කතිකාචාර්‍ය දර්ශන අතාවුද, නිෂ්පාදන ඉංඡිනේරු අංශයේ ඡේෂ්ඨ කතිකාචාර්‍ය රිෂිකා ඒකනායක, නිෂ්පාදන ඉංඡිනේරු අංශයේ කතිකාචාර්‍ය එම් ධර්මවර්ධන, නිෂ්පාදන ඉංඡිනේරු අංශයේ ඡේෂ්ඨ කතිකාචාර්‍ය අසේල කුලතුංග යන මහත්ම මහත්මීන් සහභාගි වුහ.
        

පේරාදෙණි සිසුහු රොබෝවන්ට පණ දෙති

කර්මාන්ත ශාලා සඳහා භාවිත කෙරන  ඕනෑම රොබෝ යන්ත‍්‍රයක් සඳහා රොබෝවා ඇතුළු පාලකයක් සහ පාලන මෘදුකාංගයක් නිපදවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ අවසන් වසර සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.
සාමාන්‍ය වශයෙන් ගත් කළ රොබෝවා සමඟ පාලකය සහ පාලන මෘදුකාංගයක් මිලදී ගැනීමට ලංකාව වැනි රටකට විශාල මුදලක් වැයකිරීමට සිදුවේ. ඊට විසඳුමක් ලෙස අඩු වියදමකින්  ඕනෑම කර්මාන්ත ශාලා රොබෝවකු සඳහා පාලකයක් සහ පාලන මෘදුකාංගයක් නිර්මාණය කරදීමට හැකි බව මෙම සිසුහු පවසති.
පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ඉඳුනිල් වීරසිංහ, කසුන් වික‍්‍රමසිංහ සහ ඉරේෂා අමරසේකර යන උපධි අපේක්ෂක කණ්ඩායම විසින් මෙය නිපදවා තිබේ. ඒ සඳහා ආචාර්ය ලිලන්ත සමරනායක සහ ආචාර්ය පරාක‍්‍රම ඒකනායක යන මහත්වරු ඔවුනට මඟ පෙන්වූහ.
‘ලෝකයේ තාක්‍ෂණයෙන් දියුණු රටවල් කර්මාන්ත ශාලා සඳහා රොබෝ යන්ත‍්‍ර විශාල වශයෙන් භාවිත කරනවා. එම රොබෝ යන්ත‍්‍රවලට පාලකයක් සහ පාලන මෘදුකාංගත් ඔවුන් සතුව තියෙනවා. එහෙත් අපේ රටේ කර්මාන්ත ශාලාවලට එවැනි රොබෝ යන්ත‍්‍ර පද්ධති ලබාගන්න විශාල මුදලක් දරන්න සිද්ධවෙනවා. ඒ නිසා අපේ රටේ කර්මාන්තශාලාවල රොබෝ පද්ධති අවමයි. පාලකය සහ මෘදුකාංග නොමැතිව රොබෝවා සඳහා පමණක් වැයවන්නේ මුළු රොබෝ පද්ධතිය සඳහා යන මුදලින් 10 න් එකක් පමණයි. ඊට හේතුව දෙවැනි වර විකුණන රොබෝ යන්ත‍්‍රද ඊට සුදුසු වන නිසා‘
‘එම නිසා අපි හිතුවා ඒ අභියෝගයට මුහුණ දෙන්න  ඕනෑ කියලා. ඒ අනුව රොබෝවා සමඟ පාලකයක් ඇතුළු මෘදුකාංගයක්ද නිර්මාණය කිරීමට අපට හැකිවුණා.  ඕනෑම කර්මාන්ත ශාලාවක රොබෝවකු අපට නිර්මාණය කරන්න පුළුවන්. එම රොබෝවාට පාලකයක් සහ මෘදුකාංගයකුත් ලබාදීමට අපට පුළුවන්. විශේෂත්වය වන්නේ එම කර්මාන්ත ශාලා රොබෝවාගේ නිෂ්පාදකයාගේ දත්ත අපට අවශ්‍ය නොවීමයි‘
‘මුලින්ම අපි සිදු කරන්නේ දෙන ලද  ඕනෑම කර්මාන්ත ශාලා රොබෝ යන්ත‍්‍රයක් ත‍්‍රිමාණ මෘදුකාංග තාක්‍ෂණය භාවිතා කර ප‍්‍රතිනිර්මාණය කිරීමයි.  එමගින් ගණනය කිරීම්වලට අවශ්‍ය අනෙකුත් දත්ත අපි ව්‍යුත්පන්න කරනවා. ඉන්පසුව පිහිටීම්....

පේරාදෙණිය ඉංජිනේරුවෝ විදුලි පිම්මත් පනිති

මුහුදුබඩ ප‍්‍රදේශ ආශ‍්‍රිත අධි බල විදුලි රැුහැන්වල විදුලි පුළිඟු ඇතිවී සිදුවන විදුලි විසංධිවීම් කල්තියා හඳුනාගැනීමේ උපකරණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව හඳුන්වාදී තිබේ.

මුහුදුබඩ ප‍්‍රදේශවල තිබෙන අධි වෝල්ටීයතා විදුලි රැුහැන්වල ඇති පරිවාරකවල මුහුදු සුළං හේතුවෙන් ලූණු බැඳීම සිදුවේ. එම පරිවාරක දෙපස ඇති අධි වෝල්ටීයතාව නිසා විදුලි පුළිඟු ඇතිවන අතර එම පුළිඟු වර්ධනයවී විදුලිය විසන්ධිවීම දක්වා වර්ධනයවේ. එවැනි තත්ත්ව පුත්තලම, කල්පිටිය, මන්නාරම සහ දකුණු මුහුදුබඩ ප‍්‍රදේශවල දැකිය හැක. රාත‍්‍රී කාලයේදී මේවා සුලභව දක්නට ලැබෙන අතර මෙම ගැටලූව ලංකාවේ පමණ නොව ඇමෙරිකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවලද බහුලව දක්නට ලැබේ. මෙම ගැටලූවට පිළියමක් ලෙස පරිවාරක මාරු කිරීම, බහු අවයවක පරිවාරක යෙදීම, පරිවාරක ගලවා සේදීම සිදුකරයි. එවැනි පරිවාරක ගලවා හෝ සෝදා මාරු කරන කාලය නිශ්චිතවම තීරණය කිරීම අපහසු කරුණකි. එබැවින් ලංකා විදුලිබල මණ්ඩලයට අධික වියදමක් දැරීමට සිදුවේ. ඊට නිසි විසඳුමක් ලබාදීමටත් විදුලි පුළිඟු ඇතිවීම කල්තියා හඳුනාගැනීමටත් මෙම උපකරණයට හැකියාව තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අනුරාධ අබේසේකර සිසුවා විසින් මෙම නිර්මාණය සිදුකළ අතර මහාචාර්ය මංජුල ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආචාර්ය සරත් කුමාර, ආචාර්ය රොෂාන් ගොඩලියද්ද, ආචාර්ය පරාක‍්‍රම ඒකානයක සහ ආචාර්ය ජනක විජයකුලසූරිය යන මහත්වරු මේ සඳහා මඟ පෙන්වූහ.
‘වසර කීපයක් තිස්සේ සිදුකළ පර්යේෂණවල ප‍්‍රතිඵලයක් ලෙස මෙම නිර්මාණය හඳුන්වන්න පුළුවන්. විදුලි පුළිඟු ඇතිවීමකදී විද්‍යුත් චුම්බක තරංගයක් ඇතිවෙනවා. මෙහි ඇති උපකරණය මඟින් මෙම තරංගය දුරස්ථ සංඥා බවට පරිවර්ථනය කර පරිවාරකයට මීටර 2 ක දුරක් දක්වා අනාවරණය කරගැනීමේ හැකියාව තියෙනවා. මෙහි ක‍්‍රමවේදයට අනුව පරිවාරකයේ ක‍්‍රියාකාරී අවස්ථා, විදුලි පුළිඟු ඇතිවීමට ආසන්න අවස්ථා සහ විදුලි පුළිඟු අවස්ථා ලෙස වෙන් වෙන්ව ඉතා පහසුවෙන් වෙන්කර හඳුනාගැනීමේ හැකියාව තියෙනවා‘
‘මෙම නිර්මාණයේ විශේෂත්වය වන්නේ එය සරල උපකරණයකින් සහ සරල ක‍්‍රමවේදයකින් සමන්විතවීමය. එමඟින් මෙම නිර්මාණය වැඩි විශ්වාසයකින් යුතු සහ මිල අඩු විසඳුමක් ලෙස දේශීය මෙන්ම විදේශීය රටවලටද යොදා ගන්න පුළුවන්. දැනට මේ සඳහා පේටන්ට්....

විදුලි රැහැන් යුගයට පේරාදෙණියෙන් තිත

ශ්‍රී ලංකාවේ විදුලි හා විද්‍යුත් ක්ෂේත‍්‍රය නව මානයක් වෙත රැගෙන යමින් විදුලි සම්පේ‍්‍රෂණයට අත්‍යවශ්‍ය විදුලි රැහැන් වෙනුවට රැහැන් රහිත විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතියක් නිපදවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.

උපාංග අන්තර්ජාලකරණයේදී මෙම විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය මගින් කාර්යක්‍ෂම විදුලි සම්පේ‍්‍රෂණයක් සඳහා එහි ඇති අනුනාද සංඛ්‍යාතයට ස්වයංක‍්‍රීයව සුසරවීමට මෙම පද්ධතියට හැකියාව ඇත. අන්තර්ජාලකරණය හා සම්බන්ධ වන උපාංගවලට උදාහරණ ලෙස හෘදස්පන්දන වේගය මනින උපකරණ, තෙතමනය මැනීමේ, උෂ්ණත්වය මැනීම වැනි උපකරණ දැක්විය හැකිය.
විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අතුල කුමාර, සදීප් බටේවෙල සහ දේශිකා ධර්මසේන යන සිසුහු මෙම රැහැන් රහිත විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය නිර්මාණය කළහ. ඒ වෙනුවෙන් ආචාර්ය ජනක විජයකුලසූරිය සහ ආචාර්ය හිමාල් සුරවීර යන මහත්වරු ඔවුනට මඟ පෙන්වූහ.
‘අනාගතයේදී ලෝකයේ බිහිවෙන සූර්ය බලශක්ති මං මාවත්, රැහැන් රහිත විදුලි දුම්රිය මෙන්ම නිවෙස් තුළ භාවිත වන බොහෝ උපකරණවල කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමට මෙම නිර්මාණය ඉතා වැදගත් වෙනවා. මෙම පද්ධතියේ සුවිශේෂීතාව වන්නේ වඩා කාර්යක්‍ෂම සම්පේ‍්‍රෂණයක් සඳහා ස්වංයක‍්‍රීයව සම්බන්ධවීමට ඇති හැකියාවයි. එමෙන්ම විදුලි සම්පේ‍්‍රෂණයේදී සිදුවන ශක්ති හානිය සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩුකර ගැනීමටත් මෙමගින් හැකිවෙනවා.
උදාහරණයක් ලෙස විදුලි මෝටර් රථයක බැටරිය රැහැන් රහිතව ආරෝපණයේදී වාහනයේ ඇති ආරෝපණ පරිපථයේ විවිධත්වය මෙන්ම පරිසර තත්ත්වයේ විචලනයවලට අනුව එය වෙනස් වෙනවා. එම නිසා විදුලි සම්පේ‍්‍රෂණයේ කාර්යක්‍ෂමතාව අඩු විය හැකියි. එහෙත් මෙම පරිපථය මගින් ඉතා කෙටි කාලයකදී එය වෙනසට භාජනය වී ඇතිදැයි හඳුනාගෙන එම සංඛ්‍යාතවලට අනුව පරිපථය තරංගවලට සුසර කළ හැකිවෙනවා.
අද වැඩියෙන් කතා බහට ලක් කෙරෙන විද්‍යුත් උපාංග අන්තර්ජාලකරණයේදී නිවෙස්, රෝහල්, පන්ති කාමර සහ කාර්යාල ආදිය එකිනෙකට ජාලගත කරමින් විශාල පෙරැළියක් සිදු කෙරෙනවා. එහිදී පැන නඟින ප‍්‍රධානම ගැටලූව වන්නේ උපාංග ක‍්‍රියාකරවීමට අවශ්‍ය බලය දිගින් දිගටම පවත්වා ගැනීමට නොහැකිවීමයි. මෙම නිර්මාණය එම ගැටලූවට නිසි පිළිතුරක් ලබාදෙනවා.
විශ්ව විද්‍යාල රාශියක නිර්මාණ අතුරින් ලංකා ඉංජිනේරු ආයතනය මගින් පිරිනැමූ හොඳම විදුලි ඉංජිනේරු ව්‍යාපෘතිය 2016 සඳහා වූ ඊ.ඩබ්ලිව් කරුණාරත්න සම්මානයෙන් පිදුම් ලැබීමට අපට හැකිවුණා. එමගින් ලැබූ ජවයත් සමඟ මෙම නිර්මාණය වඩාත් ප‍්‍රයෝජනවත් අයුරින් දියුණු කිරීමට අපට හැකිවුණා‘ යැයි ආචාර්ය ජනක විජයකුලසූරිය මහතා පැවැසීය.

ගයාන් සූරියආරච්චි – www.lankadeepa.lk

EEERaPS 2k16


The Department of Electrical and Electronic Engineering (DEEE) of University of Peradeniya has organized the Electrical and Electronic Engineering Research and Project Symposium (EEERaPS) 2016 for the third time consecutively. The event held on Monday the 5th of September 2016 at Hotel Waters Edge, Battaramulla under the theme of “Research and Development-Path to National Development”.



පේරාදෙණියෙන් විදුලි පෙරැළියක්

විද්‍යුත් උත්පාදක, විදුලිබල පද්ධතිය හා සම්බන්ධ කිරීමේන් පසු ඇතිවන වෝල්ටීයතා අඩු වැඩිවීම වළක්වා ගැනීම සඳහා “සුහුරු පරිණාමක“ පද්ධතියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ ලංකා ට‍්‍රාන්ස්ෆෝමර් ආයතනය එක්ව නිර්මාණය කර තිබේ.

 ‘සුහුරු පරිණාමක‘ මගින් කෙරෙනුයේ සූර්ය පැනල, විද්‍යුත් ජාලකරන සහ විද්‍යුත් උත්පාදක අපගේ විදුලිබල පද්ධතිය හා සම්බන්ධ කිරීමේදී වෝල්ටීයතාව ප‍්‍රමිතියට අනුව 216 ත් 244 ත් අතර අගයක පවත්වා ගැනීමයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජනක ඒකනායක මහතාගේ මඟ පෙන්වීම යටතේ ලෝචනා විජේරත්න සිසුවිය විසින් මෙම ‘සුහුරු‘ පද්ධතිය නිර්මාණය කෙරිණි. සූර්ය බල පද්ධති මගින් නිපදවන ජවය කාලත් සමඟ වෙනස් වෙනවා. ඒ නිසා බෙදා හැරීමේ ජාලයේ වෝල්ටීයතාව....

Read more

දියයට රොබෝවා පේරාදෙණිය ගැඹුරටම ගෙනයයි

ශ්‍රී ලංකා රොබෝ තාක්‍ෂණයේ නව පිටුවක් සනිටුහන් කරමින් දිය යට ක‍්‍රියාකරන සුවිශේෂී ස්වයංක‍්‍රීය රොබෝ යානයක් නිපදවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.
මෙම රොබෝ යානයේ ජෛව පද්ධතිය, පාලක පද්ධතිය මෙන්ම බාහිර ආකෘතිය ඇතුළු සියලූම තාක්‍ෂණික දෑ මෙම සිසුන් විසින්ම නිෂ්පාදනය කිරීම විශේෂත්වයකි.
විද්‍යුත් හා විදුලි ඉංජිනේරු අංශයේ උමේෂ් රණතුංග, සන්චිත හපුතන්ත‍්‍රී සහ කසුන් සිරිවර්ධන යන සිසුහු මෙය නිර්මාණය කළහ. මේ නිර්මාණය සඳහා විද්‍යුත් හා විදුලි ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පරාක‍්‍රම ඒකනායක, ආචාර්ය රොෂාන් ගොඩලියැද්ද, ආචාර්ය ලිලන්ත සමරනායක සහ සිවිල් ඉංජිනේරු අංශයේ මහාචාර්ය ජනක විජේතුංග යන මහත්වරු මඟ පෙන්වූහ.
‘රොබෝ තාක්‍ෂණය කියන්නේ පාසල් සිසුවාගේ සිට සුවිසල් පර්යේෂණ ආයතනවල අධි තාක්‍ෂණ නිර්මාණ දක්වා විහිදී යන පුළුල් ක්ෂේත‍්‍රයක්. එමෙන්ම එයට භාවිත වන තාක්‍ෂණය, රොබෝවා ක‍්‍රියාකරන්නේ ගොඩබිමක ද, ගුවනේ ද,.....

Coming up

Promotions