.

පේරාදෙණිය ඉංජිනේරුවෝ විදුලි පිම්මත් පනිති

මුහුදුබඩ ප‍්‍රදේශ ආශ‍්‍රිත අධි බල විදුලි රැුහැන්වල විදුලි පුළිඟු ඇතිවී සිදුවන විදුලි විසංධිවීම් කල්තියා හඳුනාගැනීමේ උපකරණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව හඳුන්වාදී තිබේ.

මුහුදුබඩ ප‍්‍රදේශවල තිබෙන අධි වෝල්ටීයතා විදුලි රැුහැන්වල ඇති පරිවාරකවල මුහුදු සුළං හේතුවෙන් ලූණු බැඳීම සිදුවේ. එම පරිවාරක දෙපස ඇති අධි වෝල්ටීයතාව නිසා විදුලි පුළිඟු ඇතිවන අතර එම පුළිඟු වර්ධනයවී විදුලිය විසන්ධිවීම දක්වා වර්ධනයවේ. එවැනි තත්ත්ව පුත්තලම, කල්පිටිය, මන්නාරම සහ දකුණු මුහුදුබඩ ප‍්‍රදේශවල දැකිය හැක. රාත‍්‍රී කාලයේදී මේවා සුලභව දක්නට ලැබෙන අතර මෙම ගැටලූව ලංකාවේ පමණ නොව ඇමෙරිකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවලද බහුලව දක්නට ලැබේ. මෙම ගැටලූවට පිළියමක් ලෙස පරිවාරක මාරු කිරීම, බහු අවයවක පරිවාරක යෙදීම, පරිවාරක ගලවා සේදීම සිදුකරයි. එවැනි පරිවාරක ගලවා හෝ සෝදා මාරු කරන කාලය නිශ්චිතවම තීරණය කිරීම අපහසු කරුණකි. එබැවින් ලංකා විදුලිබල මණ්ඩලයට අධික වියදමක් දැරීමට සිදුවේ. ඊට නිසි විසඳුමක් ලබාදීමටත් විදුලි පුළිඟු ඇතිවීම කල්තියා හඳුනාගැනීමටත් මෙම උපකරණයට හැකියාව තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අනුරාධ අබේසේකර සිසුවා විසින් මෙම නිර්මාණය සිදුකළ අතර මහාචාර්ය මංජුල ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආචාර්ය සරත් කුමාර, ආචාර්ය රොෂාන් ගොඩලියද්ද, ආචාර්ය පරාක‍්‍රම ඒකානයක සහ ආචාර්ය ජනක විජයකුලසූරිය යන මහත්වරු මේ සඳහා මඟ පෙන්වූහ.
‘වසර කීපයක් තිස්සේ සිදුකළ පර්යේෂණවල ප‍්‍රතිඵලයක් ලෙස මෙම නිර්මාණය හඳුන්වන්න පුළුවන්. විදුලි පුළිඟු ඇතිවීමකදී විද්‍යුත් චුම්බක තරංගයක් ඇතිවෙනවා. මෙහි ඇති උපකරණය මඟින් මෙම තරංගය දුරස්ථ සංඥා බවට පරිවර්ථනය කර පරිවාරකයට මීටර 2 ක දුරක් දක්වා අනාවරණය කරගැනීමේ හැකියාව තියෙනවා. මෙහි ක‍්‍රමවේදයට අනුව පරිවාරකයේ ක‍්‍රියාකාරී අවස්ථා, විදුලි පුළිඟු ඇතිවීමට ආසන්න අවස්ථා සහ විදුලි පුළිඟු අවස්ථා ලෙස වෙන් වෙන්ව ඉතා පහසුවෙන් වෙන්කර හඳුනාගැනීමේ හැකියාව තියෙනවා‘
‘මෙම නිර්මාණයේ විශේෂත්වය වන්නේ එය සරල උපකරණයකින් සහ සරල ක‍්‍රමවේදයකින් සමන්විතවීමය. එමඟින් මෙම නිර්මාණය වැඩි විශ්වාසයකින් යුතු සහ මිල අඩු විසඳුමක් ලෙස දේශීය මෙන්ම විදේශීය රටවලටද යොදා ගන්න පුළුවන්. දැනට මේ සඳහා පේටන්ට්....