.

පේරාදෙණි සිසුහු රොබෝවන්ට පණ දෙති

කර්මාන්ත ශාලා සඳහා භාවිත කෙරන  ඕනෑම රොබෝ යන්ත‍්‍රයක් සඳහා රොබෝවා ඇතුළු පාලකයක් සහ පාලන මෘදුකාංගයක් නිපදවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ අවසන් වසර සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.
සාමාන්‍ය වශයෙන් ගත් කළ රොබෝවා සමඟ පාලකය සහ පාලන මෘදුකාංගයක් මිලදී ගැනීමට ලංකාව වැනි රටකට විශාල මුදලක් වැයකිරීමට සිදුවේ. ඊට විසඳුමක් ලෙස අඩු වියදමකින්  ඕනෑම කර්මාන්ත ශාලා රොබෝවකු සඳහා පාලකයක් සහ පාලන මෘදුකාංගයක් නිර්මාණය කරදීමට හැකි බව මෙම සිසුහු පවසති.
පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ඉඳුනිල් වීරසිංහ, කසුන් වික‍්‍රමසිංහ සහ ඉරේෂා අමරසේකර යන උපධි අපේක්ෂක කණ්ඩායම විසින් මෙය නිපදවා තිබේ. ඒ සඳහා ආචාර්ය ලිලන්ත සමරනායක සහ ආචාර්ය පරාක‍්‍රම ඒකනායක යන මහත්වරු ඔවුනට මඟ පෙන්වූහ.
‘ලෝකයේ තාක්‍ෂණයෙන් දියුණු රටවල් කර්මාන්ත ශාලා සඳහා රොබෝ යන්ත‍්‍ර විශාල වශයෙන් භාවිත කරනවා. එම රොබෝ යන්ත‍්‍රවලට පාලකයක් සහ පාලන මෘදුකාංගත් ඔවුන් සතුව තියෙනවා. එහෙත් අපේ රටේ කර්මාන්ත ශාලාවලට එවැනි රොබෝ යන්ත‍්‍ර පද්ධති ලබාගන්න විශාල මුදලක් දරන්න සිද්ධවෙනවා. ඒ නිසා අපේ රටේ කර්මාන්තශාලාවල රොබෝ පද්ධති අවමයි. පාලකය සහ මෘදුකාංග නොමැතිව රොබෝවා සඳහා පමණක් වැයවන්නේ මුළු රොබෝ පද්ධතිය සඳහා යන මුදලින් 10 න් එකක් පමණයි. ඊට හේතුව දෙවැනි වර විකුණන රොබෝ යන්ත‍්‍රද ඊට සුදුසු වන නිසා‘
‘එම නිසා අපි හිතුවා ඒ අභියෝගයට මුහුණ දෙන්න  ඕනෑ කියලා. ඒ අනුව රොබෝවා සමඟ පාලකයක් ඇතුළු මෘදුකාංගයක්ද නිර්මාණය කිරීමට අපට හැකිවුණා.  ඕනෑම කර්මාන්ත ශාලාවක රොබෝවකු අපට නිර්මාණය කරන්න පුළුවන්. එම රොබෝවාට පාලකයක් සහ මෘදුකාංගයකුත් ලබාදීමට අපට පුළුවන්. විශේෂත්වය වන්නේ එම කර්මාන්ත ශාලා රොබෝවාගේ නිෂ්පාදකයාගේ දත්ත අපට අවශ්‍ය නොවීමයි‘
‘මුලින්ම අපි සිදු කරන්නේ දෙන ලද  ඕනෑම කර්මාන්ත ශාලා රොබෝ යන්ත‍්‍රයක් ත‍්‍රිමාණ මෘදුකාංග තාක්‍ෂණය භාවිතා කර ප‍්‍රතිනිර්මාණය කිරීමයි.  එමගින් ගණනය කිරීම්වලට අවශ්‍ය අනෙකුත් දත්ත අපි ව්‍යුත්පන්න කරනවා. ඉන්පසුව පිහිටීම්....