.

පේරාදෙණි සිසුවෙක් ඩ්‍රෝනයකින් ලොකු වැඩක් කරයි

පේරාදෙණි විශ්ව විද්‍යාල ඉංඡිනේරු සිසුවෙකු වන රනුක මදුසංඛ සිසුවා මාර්ග වල රථවාහන හැසිරවීමට හැකි ඩ්‍රෝන යානාවක් නිපදවා තිබේ.
වාහන තදබදය බහුල මාර්ග වලට ඉහළින් මෙම ඩ්‍රෝන යානාව ගුවන්ගත කර ලැබෙන දත්ත අනුව මාර්ග වල තදබදය විසදෙන අයුරින් සංඥා ක්‍රියාත්මක කළ හැකි බව ඔහු පවසයි.ඒ අනුව නිතර යාවත්කාලීන වන මාර්ග තොරතුරු අනුව නිසිලෙස රථවාහන හැසිරවීමට හැකි බව කියයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාල‍ය මගින් සංවිධානය කරන නිෂ්පාදන ඉංඡිනේරු හා කාර්මික ඉංඡිනේරු සම්මේලනය පිලිබද හා ඉංඡිනේරු පීඨ සිසුන්ගේ නව නිපැයුම් පිලිබද මාධ්‍ය  දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවකදී ඔහු මෙම නිපැයුම ඉදිරිපත් කළේය. එම සම්මේලනය මේ මස 22 වැනිදා සිට බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හෝටලයේ දි පැවැත්වෙයි.
මෙහිදී ඉංඡිනේරු සිසුන්ගේ නව නිෂ්පාදන එලිදැක්වීමට නියමිත බව ඡේෂ්ඨ කතිකාචාර්‍ය සංඡය සේනානායක මහතා පැවසිය.සිසුන් විසින් නිෂ්පාදිත එළවලු කපන නව යන්ත්‍රයක්ද,මිනිසුන්ගේ දායකත්වය නොමැතිව තේ කර්මාන්තයේදි තේ දලු වල අවශ්‍ය ඡල ප්‍රමාණයන් හදුනාගැනීමේ යන්ත්‍රයක්ද,ඉවතලන ඉඟුරු බඩ වලින් දැව අඟුරු නිෂ්පාදන යන්ත්‍රයක්ද,ඇඟලුම් ශාලා වල රෙදි වල ප්‍රමිතිය නිරික්ෂණය කරන උපකරණයක්ද හදුන්වා දිමට නියමිතය.
මෙම මාධ්‍ය හමුවට නිෂ්පාදන ඉංඡිනේරු අංශයේ ඡේෂ්ඨ කතිකාචාර්‍ය සංඡය සේනානායක, නිෂ්පාදන ඉංඡිනේරු දෙපාර්තුමේන්තුවේ ඡේෂ්ඨ කතිකාචාර්‍ය සංඡීව විතාරන, නිෂ්පාදන ඉංඡිනේරු අංශයේ කතිකාචාර්‍ය දර්ශන අතාවුද, නිෂ්පාදන ඉංඡිනේරු අංශයේ ඡේෂ්ඨ කතිකාචාර්‍ය රිෂිකා ඒකනායක, නිෂ්පාදන ඉංඡිනේරු අංශයේ කතිකාචාර්‍ය එම් ධර්මවර්ධන, නිෂ්පාදන ඉංඡිනේරු අංශයේ ඡේෂ්ඨ කතිකාචාර්‍ය අසේල කුලතුංග යන මහත්ම මහත්මීන් සහභාගි වුහ.